ඉන්දියාවේ ස්වරය ලෙස සලකන පද්මභූෂණ සම්මානයෙන් පිදුම්ලද ලතා මංගේෂ්කාර් තමන්ගේ සහ තම සොහොයුරියන්ගේ ගීත Remix කිරීම සම්බන්ධයෙන් දැඩිසේ කලකිරීමෙන් පසුවන බව ඉන්දියාවෙන් වාර්තා වේ. වාර්තාගත ගීත ප්‍රමාණයක් ගායනා කර ඇති ලතා මංගේෂ්කාර් ජීවිතයේ සැඳෑ සමයේ මෙලෙස ඉන්දියානු සංගීතය ගැන වේදනාවෙන් ගතකිරීම ඉතා නරක පූර්වාදර්ශයක් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
මෑත කාලයේ ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ සහ ඌෂා මංගේෂ්කාර්ය යන සොයුරියන්ගේ පැරණි ගීත නව චිත්‍රපට සඳහ නැවත සකස්කර භාවිතා කර ඇති අතර ඝෝෂාකාරී සහ විකෘති සංගීතය තුලින් එම ගීතවල ඇති සෞන්දර්යාත්මක අලංකාරය අහිමිවීම නිසා ලතා මංගේෂ්කාර් පමණක් නොව බොහෝමයක් පැරණි කලාකරුවන් පසුවන්නේ කණගාටුවකි.
පසුගියදා Total Dhamaal චිත්‍රපටය වෙනුවෙන් Remix කල Mungda ගීතය ඌෂා මංගේෂ්කාර් 1977 ඉන්කාර් චිත්‍රපටය වෙනුවෙන් ගායනා කල සුන්දර ගීතයක. මෙම නව ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ සොනක්ෂි සින්හා ය.
‘අලුත් චිත්‍රපට වලට ගීත නිර්මාණය කරද්දි හොඳ අධ්‍යයනයක් කරලා නිර්මාණාත්මක ගීත හදන්නේ නෑ. පැරණි චිත්‍රපටවල ගීත නැවත නිෂ්පාදනය කරනවා විතරයි. ඒකෙන් ඒ ගීතවල රසාස්වාදයට සාධාරණයක් වෙන්නේ නෑ‘
ලතා මංගේෂ්කාර් එලෙස පවසා ඇත්තේ කණගාටුවෙන්ය.