IELTS Awards Night 2018 දී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ හවුල්කරුවන්ට සම්මාන..

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ IELTS Awards Night 2018 සම්මාන උළෙල පසුගියදා සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පැවැත්විණි. 2010 වසරේ පටන් මෙරට ප‍්‍රමුඛතම IELTS පරීක්ෂණ මධ්‍යස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ රටපුරා විසිරී සිටින තම හවුල්කාර පාර්ශ්වයන් ඇගයීමට ලක්කිරීම ය.

ලොව පුරා විශ්ව විද්‍යාල, සමාගම්, ආගමන විගමන පාලන අධිකාරීන් සහ වෙනත් රාජ්‍ය ආයතන වල පිළිගැනීම හිමි IELTS (International English Language Testing System) පරීක්ෂණය ලොව උසස් අධ්‍යාපනය සහ විදේශ සංක‍්‍රමණය සඳහා ඉංග‍්‍රීසි භාෂා ප‍්‍රවීණතාව සම්බන්ධ ජනප‍්‍රියම සුදුසුකම ලෙස සැලකේ.  ඇමරිකා එක්සත් ජනපදයද ඇතුළුව ලොව රටවල් 140 ක ආයතන හා සංවිධාන 10,000 කට වැඩි සංඛ්‍යාවක් මෙම සුදුසුකම පිළිගන්නා අතර 2017 වසරේදී පමණක් ලොව පුරා IELTS පරීක්ෂණ මිලියන 3 කට අධික සංඛ්‍යාවක් පැවැත්විණි.

සම්මාන උළෙල ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂිකා ජිල් කැල්ඩිකොට් මහත්මිය මෙසේ පැවසුවා ය. IELTS යනු බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් පිරිනමනු ලබන ප‍්‍රමුඛතම සේවාවන්ගෙන් එකක්. ලොව පුරා IELTS සම්බන්ධයෙන් ඇති උනන්දුව පසුගිය වසරේ 11% කින් ඉහළ ගොස් තිබෙනවා. විදේශ අධ්‍යාපනය හා විදේශ රැකියාවන් අපේක්ෂා කරන පුද්ගලයන් ඇතුළුව විදේශ රටකට ගොස් තම සිහින සැබෑ කරගැනීම සඳහා උත්සාහ කරන සියලූම දෙනා වෙනුවෙන් මෙවැනි සේවාවක් පිරිනැමීමට හැකිවීම අපට මහත් සතුටක්.”

IELTS සහ බ්‍රිතාන්‍ය කවුන්සිල හවුල්කාරීත්ව වැඩසටහන වන ADDvantage මගින් රටපුරා පුද්ගලයන්ට හා ආයතන වලට බ්‍රිතාන්‍ය කවුන්සිලය වෙනුවෙන් IELTS අපේක්ෂකයන් ලියාපදිංචි කළ හැකි අතර මෙහිදී දැනුවත් කිරීම් සැසි, ප‍්‍රවර්ධන සේවා මෙන්ම ඉගැන්වීම් හා ලියාපදිංචි ක‍්‍රමවේද සම්බන්ධ පුහුණුවක්ද පිරිනැමේ.

සම්මාන උළෙලේදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ IELTS ලියාපදිංචි කිරීම් ජාලයේ සාමාජිකයන් වෙත සම්මාන 31 ක් ප‍්‍රදානය කෙරිණි. ශ‍්‍රී ලංකාවේ ආබාධිත පුද්ගලයන්ගේ කලාවන් ප‍්‍රචලිත කිරීම සඳහා කැපවී සිටින සුනෙර පදනමේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කළ විශේෂාංගය සම්මාන උළෙලේ කාගේත් සිත්ගත්තේ ය.

නිර්මාණශීලීත්වය, ඉගැන්වුම් ක‍්‍රමවේද, IELTS සඳහා ලියාපදිංචි කරවූ අයදුම්කරුවන් ගණන, ආයතනික ළැදියාව සහ IELTS ප‍්‍රචලිත කිරීම සඳහා දැක්වූ දායකත්වය යනාදී සාධක අනුව සම්මාන පිරිනමන ලදි.

කේවල ඉගැන්වීම් සේවා සපයන්නන්, ආයතන සහ සමාගම් යන කාණ්ඩ අනුව සම්මාන පිරිනැමුණු අතර විවිධ සංක‍්‍රමණ සේවා උපදේශක ආයතන, විදේශ අධ්‍යාපන සේවා ආයතන IELTS ගුරුවරුන්ද මෙම සම්මාන සඳහා සුදුසුකම් ලැබූහ.

International College of Business & Technology iud.u (ICBT) u.ska ‘National Partner of the Year’ සම්මාන දිනාගන්නා ලදි. එම අවස්ථාවේදී අදහස් දක්වමින් ආචාර්ය සම්පත් කන්නන්ගර මෙසේ පැවසී ය. ‘‘බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ අප අතර පවතින හවුල්කාරීත්වයට දැන් දශකයකට ආසන්නයි. රට තුළ IELTS ජනප‍්‍රිය කරවීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් යළිත් මෙසේ ඇගයීමට ලක්වීම සතුටක්. දිගින් දිගටම IELTS සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.”

The Test Venue partner of the Year සම්මානය හිමිවූයේ Australian College of Business and Technology සමාගම වෙත ය. ඒ සම්බන්ධයෙන් ආචාර්ය නයෝමි අභයසේකර මහත්මිය මෙසේ අදහස් පළකළා ය. ‘‘මේ ආකාරයට බි‍්‍රතාන්‍ය කවුන්සිලය සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ලැබීම විශාල සතුටක්. මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් ලැබෙන සහයෝගය අපටත් විභාග අපේක්ෂකයන්ටත් බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනවා. මෙම හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම අපගේ අපේක්ෂාවයි.”

Headway School of Languages (නැගෙනහිර පළාත) ආචාර්ය ජයසිරි පෙරේරා, Nations Victory Campus, ICBT Colombo Campus (බස්නාහිර පළාත) ජේ. ඩබ්ලිව්. ඥානතිලක ජයසේකර,  Uniwest Educational Services, ICBT Southern Campus (දකුණු පළාත), නුවන් සමරනායක,  UNEX Language Academy සහ ICBT Kandy Campus (මධ්‍යම පළාත) වෙත ප‍්‍රාදේශීය සම්මාන හිමි විය.

‘‘ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය රටේ ස්ථාන 8 කදී අවම වශයෙන් මසකට තුන් වරක් IELTS පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරනවා. ඒ වගේම පුස්තකාල පහසුකම්, මුද්‍රිත සහ අන්තර්ජාලගත අභ්‍යාස, ලියාපදිංචි අපේක්ෂකයන් වෙනුවෙන් නොමිලේ සම්මන්ත‍්‍රණ ඇතුළුව විශිෂ්ට සේවාවන් රැුසක් ලබාදීමටත් අප පියවර ගෙන තිබෙන බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මීට අමතරව එක්සත් රාජධානිය, ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව, කැනඩාව සහ නවසීලන්තය වැනි රටවල අධ්‍යාපනය සඳහා පිටත්ව යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක්ද ක‍්‍රියාත්මකයි. මේ සියලූ කටයුතු වෙනුවෙන් අපට නොමඳ සහයක් ලබාදෙන අපගේ හවුල්කරුවන් ඇගයීමට අප මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනවා.” ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විභාග කළමනාකරු සයිමන් ක‍්‍රීසි මහතා පැවසී ය.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News