ස්වදේශී කොහොඹ දෙවුන්දර ආලෝකයෙන් බබලවයි

ශී‍්‍ර ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය අඛණ්ඩව දසවන වරටත් දෙවුන්දර උත්පලවර්ණ ශී‍්‍ර විෂ්ණු මහා දේවාලය ආලෝකමත් කෙරුණි.

සතියක් පුරා පැවති වාර්ෂික ඇසළ උත්සව සමයේදී මෙම විශේෂ ආලෝකමත් කිරීම සිදුවූයේ ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ නම් එම සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේය.

මෙම ආලෝක පූජා සත්කාරය සම්බන්ධයෙන් ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිනිය පැවසුවේ, ශී‍්‍ර ලාංකේය සමාගමක් ලෙසින් ස්වදේශී සමාගම වාර්ෂික ආලෝක පූජා සත්කාරයන් වැනි වැඩසටහන් මගින් ශී‍්‍ර ලංකාවේ ඉපැරණි සම්ප‍්‍රදායන් හා සංස්කෘතික වටිනාකම් සුරැකීමට සහයෝගය දැක්වීම තම සමාගමේ වගකීමක් සේ සළකන බවය. එමෙන්ම, ශී‍්‍ර ලාංකිකයන් වන්දනාකිරීමට වඩාත් පැමිණෙන අතිපූජනීය සිද්ධස්ථානයන් මෙසේ ආලෝකමත් කිරීමෙන් වන්දනාකරුවන්ට වැඩි පහසුවක් සැලසීමට අමතරව, මෙවැනි සද්කාර්යයන් තුළින් අපේ පැරණි හෙළ උරුමයන් රැකගැනීම පිළිබඳ ව මෙරට අනාගත පරපුරට කදිම දැනුවත්වීමක් ද සිදුවන බවද ස්වදේශීය සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම ආලෝකමත් කිරීමත් සමගම ශී‍්‍ර ලංකාවේ දකුණු පලාතේ සම්ප‍්‍රදායන් හා ඉතිහාසය විදහාපාන අලංකාර පෙරහැරක් ද වීදි සංචාරය කෙරුණි.

දෙවුන්දර පිහිටි මුල් උත්පලවර්ණ ශී‍්‍ර විෂ්ණු මහා දේවාලය පෘතුගී‍්‍රසීන් විසින් විනාශකිරීමෙන් පසුව දැනට පවතින දේවාලය කි‍්‍ර.ව. 661දී දපුළුසෙන් රජු විසින් තැනවූවක් බව ඉතිහාසයේ සදහන් වේ. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි පිරිනිවන් පෑමට පෙර බුදුන් වහන්සේ ශී‍්‍ර ලංකාවේ බුදු දහම රැකගැනීමේ වගකීම ශක‍්‍ර දෙවියන්ට පැවරීමෙන් පසුව උන්වහන්සේ එම කාර්යය උත්පලවර්ණ හෙවත් විෂ්ණු දෙවියන් ව පැවරූ බව සදහන් වේ.

2013 වසරේදී කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිනිය විසින් ශී‍්‍ර දළදා වහන්සේ තැන්පත් කර තිබූ දඹදෙණිය ශ‍්‍රී දළදා මන්දිරය හා එහි බිතු සිතුවම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් හා අධීක්ෂණය යටතේ ඉපැරණි ස්වරූපයෙන්ම ප‍්‍රතිසංස්කරණය  කර නැවත විවෘත කරනු ලැබීය. 1927දී කැළණි රජ මහා විහාරය සංවර්ධනය කර පිළිසකර කළ හෙලේනා විජයවර්ධන ළමාතැනී, ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිනියගේ මිත්තනිය වන්නීය.

ස්වදේශී සමාගම, කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, රත්නපුර මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, දඹදෙණිය රජමහ විහාරය, හා  කෑරගල රජමහ විහාරය වාර්ෂිකව ආලෝක පූජා සත්කාරයෙන් ආලෝකමත් කෙරේ.

1941 ඇරඹූ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ ප‍්‍රමුඛයාවන වන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය විශිෂ්ට කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් ISO 9001:2015 ජාත්‍යන්තර ප‍්‍රමිති සහතිකය ලත් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන දේශීය සමාගමකි. කීර්තිමත් ස්වදේශී නිෂ්පාදන පෙළ අතරට කොහොඹ ඹරිජිනල්, කොහොඹ ඩියෝෆේ‍්‍රෂ්, රාණී සඳුන්, රාණී රෝස්, කොහොඹ බේබි, සේෆ්ප්ලස්, අප්සරා, පර්ල්වයිට්, ලක්බාර්, ලේඩි, බ්ලැක් ඊගල් ^පර්ෆියුම් හා ආෆ්ටර් ෂේව්&, ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ හා දේශීය වෙළඳපොලේ එකම ළමා සනීපාරක්ෂක නිෂ්පාදන පෙළ ලිට්ල් පි‍්‍රන්සස් අයත් වේ.

ස්වදේශී සමාගමේ ප‍්‍රමුඛතම සන්නාම අතරට ශාකසාර සබන් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා කොහොඹ ශාකසාර සබන් හා සඳුන් සබන් අතර ප‍්‍රමුඛයා රාණී සඳුන් සබන් අයත් වේ.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News