Chinese Dragon Cafe 76 වන සංවත්සර සුහද හමුව..

ශී‍්‍ර ලංකාවට චීන අවන්හල් සම්ප‍්‍රදාය හඳුන්වාදුන් එම ව්‍යාපාරයේ පුරෝගාමී හා ප‍්‍රමුඛතම සමාගමවන ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම’ "Chinese Dragon Cafe (Pvt) Ltd" තම 76වන සංවත්සර සුහද හමුව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නයිෂාද් උදේශී මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධානත්වයෙන් රාජගිරිය අංගම්පිටිය කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවැත්විණ.

එම වාර්ෂික සුහද හමුව පැවැත්වුණු දිනයේදී ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගමේ’ සියලූ ශාඛා ව්‍යාපාරික කටයුතු සිදු නොකර 350කට අධික තම කාර්ය මණ්ඩලයට විනෝදකී‍්‍රඩාවන් හි යෙදීමට ඉඩ සැළසීම මෙවර පැවැති සුහද හමුවෙහි විශේෂත්වයකි. එයට අමතරව වසර 10 හා 05 සම්පූර්ණ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සේවය ඇගයීමට මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමද සිදුවිය. 76වන සංවත්සර සුහද හමුවේදී ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගමේ’ සේවකයන් අතුරෙන් Mr. Chinese Dragon -2018 තේරීම කාගේත් සිත්ගත් අංගයක වූ එම ඉසව්වෙන් ජයග‍්‍රහණය කළේ පැලවත්ත ශාඛාවෙහි අයේෂ් ජනශංඛ මහතාය. එයට අමතරව ගෙවුණු 12 මසක කාලය තුළ ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගමේ’ සාර්ථකත්වයට බොහෝ කැපවීමෙන් උරදුන් සමාගමේ විවිධ අංශ ඇගයීම මෙම සුහද හමුවේදී සිදු වූ අතර, එහිදී ‘වසරේ විශිෂ්ටතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ ශාඛාව’ ලෙස  කොළඹ කොටුව ශාඛාව, ‘වසරේ විශිෂ්ටතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ මුළුතැන්්ගෙය’ ලෙස නුගේගොඩ ශාඛාව, ‘වසරේ විශිෂ්ටතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ වේටර්වරුන් කණ්ඩායම’ ලෙස  බම්බලපිටිය ශාඛාව, ‘වසරේ විශිෂ්ටතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ ආහාර ඇණවුම් බෙදාහැරීමේ කණ්ඩායම’ ලෙස  නාවල ශාඛාව, ‘වසරේ විශිෂ්ටතම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අලෙවි අංශ සාමාජිකයන්’ ලෙස  අනුෂ්කා ප‍්‍රනාන්දු මෙනෙවිය හා යසිත් පෙරේරා මහතා, ප‍්‍රධාන කාර්යාලය වෙනුවෙන්  කේ. සිිවානන්ද මහතා හා එච්. ඒ. පේ‍්‍රමරත්න මහතා ඇගයීමට පත්වූහ.

‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගමේ’ වාර්ෂික සුහද හමුව තම ආයතනයේ සියලූ කාර්ය මණ්ඩලයට උපරිමයෙන් විනෝදවීමට හා තම හැකියාවන් පෙන්නුම් කිරීමට අවස්ථාව සපයන්නක් වූ අතර, ඒ සඳහා විනෝද කී‍්‍රඩා රැසක්ම සමාගම විසින් සංවිධානය කර තිබුණි. එමෙන්ම සමාගමේ අන්තර් ශාඛා අතර පැවැත්වෙන වාර්ෂික කි‍්‍රකට් තරගාවලියෙහි ශූරතාව බම්බලපිටිය ශාඛාව විසින් දිනාගත් අතර එහි අනුශූරතාව නාවල ශාඛාව විසින් දිනාගනු ලැබීය. ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගමේ’ කි‍්‍රකට් තරගාවලියෙහි විශිෂ්ටතම පිතිකරු ලෙස බම්බලපිටිය ශාඛාවෙහි චාරුක මධුරංග මහතා විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස බම්බලපිටිය ශාඛාවෙහි සහන් අනුරාධ මහතා, තරගාවලියෙහි වීරයා ලෙස බම්බලපිටිය ශාඛාවෙහි සතිෂ් ඔලිවර් මහතා සම්මානයට පාත‍්‍ර වූහ.  

එමෙන්ම චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගමට වසර 76ක් පිරීම නිමිත්තෙන් වට්ටම් සහිත ‘ඉලෙක්ට්‍රෝණික වවුචර්පත්’ (Gift Vouchers) හා නිතර පැමිණෙන පාරිභෝගිකයන්ට ‘විශේෂ වට්ටම්’ (Loyalty Discount) ලබාදීමේ වැඩසටහනක් ළගදීම කි‍්‍රයාත්මක වීමට නියමිතය.  

‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ 1942දී චීනයෙන් පැමිණි ස්වදේශික පවුලක් විසින් ඇරඹූවක් වන අතර, ගෙවුණු 76 වසර පුරාම එම ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ අවන්හල ආහාර රසවිඳින්නන්ගේ අගනුවර පි‍්‍රයතම චීන අවන්හල බවට පත්ව ඇත. එතැන් සිට මේ දක්වා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් 8ක් විවෘත කර ඇති අතර එම ශාඛා බම්බලපිටිය, රත්මලාන, රාජගිරිය, කොළඹ කොටුව, වත්තල, පැලවත්ත, නාවල හා නුගේගොඩ පිහිටා ඇත.

‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ හි වාර්ෂික සුහද හමුව අමතමින් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නයිෂාද් උදේශී මහතා පැවසුවේ, ‘මෙරටට සැබෑ චීන ආහාර රසවිඳීමේ අවස්ථාව සළසාදුන් අප සමාගම දැන් වසර 76ක් පසුකර අවසන්. එම සාර්ථකත්වය පසුපස දැවැන්ත සවියක් සේ සිටින්නේ අප කාර්ය මණ්ඩලයයිි. සෑම වසරකම කාර්ය මණ්ඩලයෙහි සැමට සහභාගී විය හැකි වන ලෙස සියලූ අවන්හලකම ව්‍යපාරික කටයුතු පවා නවතා දමන්නේ ඔවුන්ගේ කාර්යය ඇගයීමක් ලෙසිනුයි. එයට අමතරව වසර 10 හා 05 සම්පූර්ණ කළ සේවකයන් අගයමින් මුදල් තෑගි හා සහතික පිරිනැමුවේ ඔවුන් තවත් දිිරිමත් කරන අදහසින්.’ යන්නය.

‘මතක හිටින කෑමක්’ ^Meal to Remember& නම් තේමා පාඨයෙන් පාරිභෝගිකයන්ට ‘රසය’ මතකයේ රැඳෙන ආහාර සැපයීමෙහි කීර්තියක් උසුළන ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම’ පාරිභෝගික අදහස්වලට සැමවිටම ගරු කරන හා සවන්දෙන සමාගමකි. එහෙයින් චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ සමාගමේ අවන්හල් සේවාව හා ආහාර සම්බන්ධයෙන් යෝජනා හා විවේචන තම සමාජ වෙබ් අඩවිය, විද්‍යුත් තැපෑල හා දුරකතන ඇමතුම් මගින් පාරිභෝගිකයන්ට සැපයීමේ අවස්ථාව සපයා තිබේ. එමෙන්ම පාරිභෝගික සම්බන්ධතාවට පි‍්‍රය එම සමාගමේ ආහාර තම ජංගම දුරකතනය භාවිතා කරමින් හෝ www.chinesedragoncafe.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාල ගෙවීමකින් හෝ රැුගෙන ආ පසු මුදල් ගෙවීමේ පදනමින් ආහාර ඇණවුම්කිරීමට හැක. චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ facebook  පිටුව රසිකයන් 186,000කට වැඩි සංඛ්‍යාවක් කදිම සන්නිවේදන මාධ්‍යයක් ලෙසින් භාවිතාකරන්නක් වන අතර එමගින් ‘මතක හිටින කෑමක්’ ^Meal to Remember& රස විඳීමට චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ අවන්හල් හි පහසුකම් දැකබලාගැනීමට ආහාර රස විඳින්නන්ට හැකියාව ලැබේ.

තවද කාටත් දැරිය හැකි මිලකට පිසූ සැනින් නැවුම් ආහාර පාරිභෝගිකයන්ට තිළිණකිරීමට සැමවිටම උත්සාහ කරන ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ පුද්. සමාගම’ තම අවන්හල්වල රුපියල් 70 සිට ඉහළට සියලූ පාරිභෝගික අවශ්‍යතාවට අනුව ආහාර සැපයේ. එමෙන්ම නිර්මාංශික ආහාර, සීනි එක් නොකළ නැවුම් පළතුරු යුෂ, මිල්ක් ෂේක් හා අයිස්කී‍්‍රම් වර්ග තම ආහාර නාමාවලියට ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ සමාගම විසින් දැන් එක් කර ඇත. පැයක් ඇතුළතදී අලූතෙන් පිසූ නැවුම් ආහාර අවන්හල අවට ඇණවුම්කරුවන්ට බෙදාහරින ‘චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ’ සමාගම පාරිභෝගිකයන් සංතෘප්තවන ආකාරයෙන් ආහාරවල ගුණාත්මකබව වර්ධනයකිරීම, ප‍්‍රමාණය හා වේගවත්බව සම්බන්ධයෙන් නිරන්තර පුහුණු වැඩසටහන් තම සේවකයන් වෙනුවෙන් පවත්වනු ලබයි.  

එයට අමතරව පාරිභෝගික පහසුව සඳහා චයිනීස් ඩ‍්‍රැගන් කැෆේ හි සුවිශේෂී නිෂ්පාදනයක් වන ‘චිලී පේස්ට්’ එම සමාගමේ අවන්හල්වලින් හා දිවයින පුරා පිහිටි කීල්ස් සුපර් සුපිරිවෙළෙඳසල්වලින් දැන් මිලදීගත හැක. එමෙන්ම නිර්මාංශික චිලී පේස්ට්ද එම සමාගම විසින් නිෂ්පාදනය කෙරේ.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com