Warning: "continue" targeting switch is equivalent to "break". Did you mean to use "continue 2"? in /mnt/data/vhosts/casite-708813.cloudaccess.net/httpdocs/plugins/system/t3/includes/menu/megamenu.php on line 141
Royal Cashews අන්තර්ජාතික පරිසර තත්ත්ව සහතිකයෙන් උසස් වේ..
 
 
 

Royal Cashews අන්තර්ජාතික පරිසර තත්ත්ව සහතිකයෙන් උසස් වේ..

ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන ROYAL CASHEWS (රෝයල් ෆුඞ් මාර්කටින්& සමාගම (www.royalcashew.lk& පරිසරික තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් පිරිනමන ISO 14001:2015 EMS අන්තර්ජාතික තත්ත්ව සහතිකය හිමි ශී‍්‍ර ලංකාවේ එකම හා පළමු කජු සැකසීමේ හා අපනයන සමාගම බවට පසුගියදා පත්විය. ROYAL CASHEWS සමාගමේ විධිමත් හා මනා පරිසර කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් හිමි ISO 14001:2015 EMS අන්තර්ජාතික තත්ත්ව සහතිකය ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය, සිද්ධිකා ජී. සෙනරත් මහත්මිය විසින් ROYAL CASHEWS (රෝයල් ෆුඞ් මාර්කටින්& සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය, රුවන් වතුගල මහතා වෙත කොළඹ පිහිටි ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතන ප‍්‍රධාන කාර්යාලයේදී එම සහතිකය පිරිනැමුණි. ROYAL CASHEWS (රෝයල් ෆුඞ් මාර්කටින්& සමාගමේ පරිසරික තත්ත්ව කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් සිදු කළ විගණනය සඳහා ශී‍්‍ර ලංකා කර්මාන්ත මණ්ඩලය (IDB) හා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය, ශී‍්‍ර ලංකාව (National Cleaner Products Centre) සහයෝගීතාව ලබාදුණි. 

එමෙන්ම මෙම ISO 14001:2015 EMS අන්තර්ජාතික පාරිසරික තත්ත්ව කළමනාකරණ ප‍්‍රමිති සහතිකය හිමිවීමත් සමගම ප‍්‍රමිතිගත ආහාර නිපදවීමේ කි‍්‍රයාවලිය වෙනුවෙන් පිරිනැමෙන ISO 22000" HACCP හා GMP යන සියලූ තත්ත්ව සහතික හිමි මෙරට එකම කජු සැකසීමේ හා අපනයන සමාගම වන්නේද රෝයල් ෆුඞ් මාර්කටින් සමාගමය.

ROYAL CASHEWS සමාගමට ISO 14001:2015 EMS අන්තර්ජාතික තත්ත්ව සහතිකය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය, රුවන් වතුගල මහතා පැවසුවේ, ‘කජු සැකසීමේ ලොව අතිනූතන තාක්ෂණය භාවිතා කරන අප සමාගම කජු ආහාර නිපදවීමේදී හිමිවිය යුතු සියලූම තත්ත්ව සහතික හිමි ශී‍්‍ර ලංකාවේ එකම කජු සැකසීමේ සමාගමයි. එමෙන්ම අප සමාගමට හිමි වූ අළුත්ම ප‍්‍රමිති සහතිකයවන පාරිසරික තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් පිරිනමන ISO 14001:2015 EMS අන්තර්ජාතික තත්ත්ව සහතිකය මගින් අතිනූතන තාක්ෂණය සමගින් පාරිසරික හිතකාමී කි‍්‍රයාවලියක්ද අප අනුගමනය කරන බව සනාථ වූවා. එය ‘රෝයල් කැෂූ’ කෙරෙහි දැඩිව විශ්වාස තබන දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ට ශුභාරංචියක් වනු නො අනුමානයි.පරිසරය මුල්කරගත් සමාගමක් ලෙස අප සැමවිටම පරිසරය සමග සහජීවනයෙන් එහි පැවැත්ම රැකෙන පරිදි නිෂ්පාදන කි‍්‍රයාවලිය සිදුකරන අතරේදීම අලෙවිවන අපේ සෑම නිෂ්පාදනයකින්ම යම් මුදලක් පරිසරය සුරැකීමට යොමු කරන්නේ අපේ පාරිභෝගිකයන්ද වක‍්‍රව පරිසරය සුරැකීමට දායක කරගනිමින්.’ යන්නය. 

පාරිසරික තත්ත්ව කළමනාකරණ පද්ධතිය වෙනුවෙන් පිරිනමන ISO 14001:2015 EMS අන්තර්ජාතික තත්ත්ව සහතිකය හිමිකරගත් ROYAL CASHEWS සමාගම, පරිසරය සුරැකීම හා පැවැත්ම වර්ධනය කෙරෙන ව්‍යාපෘති රැසකට වසර පුරා දායකත්වය සපයන සමාගමකි. ඒ අතර පරිසර හිතකාමී නිෂ්පාදන කි‍්‍රයාවලියට අමතරව පරිසරයට අහිතකර කිසිදු අමුද්‍රව්‍යයක් භාවිතා නොකිරීම හා අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම සිදු නොකෙරේ. තවද පරිසරය රැකගැනීමේ වැදගත්කම පිළිබඳව සමාගම් කාර්ය මණ්ඩලය, කජු වගාකරුවන් හා සැපයුම්කරුවන්ව නිරන්තරයෙන් දැනුවත් කරනු ඇත. එමෙන්ම පරිසර හිතකාමී ඇසුරුම වෙනුවෙන් ROYAL CASHEWS සමාගමට ලැබී ඇති දේශීය හා අන්තර්ජාතික සම්මාන මගින්ද මෙම ISO 14001:2015 EMS අන්තර්ජාතික පාරිසරික තත්ත්ව කළමනාකරණ ප‍්‍රමිති සහතිකය හිමිවීම වඩාත් තහවුරු කෙරේ.

එයට අමතරව මෙරට පරිසරය සුරැකීමේ ව්‍යාපෘති සඳහා ඉහළ දායකත්වය ලබාදීමට හැකිවන ලෙ ROYAL CASHEWS සමාගම අලෙවි කරන සෑම නිෂ්පාදනයකින් යම් මුදලක් ‘පරිසරය සුරැකීමට යොමු කෙරෙන්නේ වක‍්‍රව තම නිෂ්පාදන මිලදීගන්නන් ඒ සඳහා දායක කරගනිමිනි. එමෙන්ම බලශක්ති පිරිමැසුම්දායක උපක‍්‍රම භාවිතයෙන් ROYAL CASHEWS සමාගම තම නිෂ්පාදන කි‍්‍රයාවලිය පවත්වාගෙන යන්නේ එමගින් පරිසරයට සිදුවන බලපෑම් අවමකිරීම හා අනාගත පරපුර වෙනුවෙන් බලශක්තිය ඉතිරිකිරීමේ වෑයමක් ලෙසිිනි.

අලෙවි ප‍්‍රදර්ශනාගාර 20කින් සමන්විත ROYAL CASHEWS සමාගම, ශී‍්‍ර ලංකාවේ විශාලතම කජු අලෙවි ජාලය හිමි සමාගමද වේ. දේශීය හා විදේශික පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිතව සැකසූ ‘සැබෑ කජු රසය’ වින්දනයකිරීමේ අවස්ථාව සැපයෙන ROYAL CASHEWS කජු අලෙවිසල් දාමය දිවයිනේ ප‍්‍රමුඛතම නගර හා ස්ථානවන ක්‍රෙස්කැට් ^කොළඹ 03&, Marino Mall (කොළඹ 03&, ආර්කේඞ් නිදහස් චතුරශ‍්‍රය, ලිබර්ටි ප්ලාසා ^කොළඹ 03&, කේ-සෝන් ^ජා-ඇල හා මොරටුව&, කැන්ඩි සිටි සෙන්ටර් ^මහනුවර&, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න නැවතුම්පල, කිරිබත්ගොඩ, නුගේගොඩ ගාල්ල, ගම්පහ හා බොරැල්ල යන ස්ථානයන් හි පිහිටුවා ඇත. එයට අමතරව ශී‍්‍ර ලංකාවේ ඹ්නෑම ස්ථානයකට නොමිලේ ප‍්‍රවාහනය කරන මෙරට පළමු කජු Online Delivery සේවාවක්ද ROYAL CASHEWS සමාගම විසින් හඳුන්වා දී තිබේ. එමගින් විවිධ රස 19ක්, විවිධ ඇසුරුම් 682ක් හා තෑගී දීමට නිර්මාණය කළ ඇසුරුම් 101ක් යටතේ සැකසූ කජු නිපදවන රෝයල් ෆුඞ් මාර්කටින් සමාගමේ නිෂ්පාදන මිලදීගත හැක.

මැලේසියාව, ජපානය, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, නවසීලන්තය, ජර්මනිය,  ඕස්ටේ‍්‍රලියාව,  ඕස්ටි‍්‍රයාව, මාලදිවයින හා සවුදි අරාබිය යන රටවලට අපනයනය කරන ROYAL CASHEWS අඛණ්ඩව දෙවරක් NCE Exports Awards සම්මානයෙන් පිදුම් ලැබීමට අමතරව විශිෂ්ටතම ඇසුරුම සහිත නිෂ්පාදනය ^Pro Food 2009&" පරිසර හිතකාමී ඇසුරුම ^Pro Food 2011&" MACO ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මානය, ලංකා ස්ටාර් ජනාධිපති රන් සම්මානය හා පරිසර හිතකාමී කොලපත් ඇසුරුම වෙනුවෙන් ASIASTAR -2015 සම්මානයෙන් පිදුම් ලැබූවකි. ගී‍්‍රන්වේ ඒෂියා ලංකා සමාගම හා ට‍්‍රස්ට් ලංකා සප්ලයර්ස් සමාගම රෝයල් ෆුඞ් මාර්කටින් සමාගමේ අනුබද්ධිත සමාගම් වෙති.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com