කැළණි කේබල්ස් සමාගම 'ප්‍රධාන විධායක සම්මාන' පිරිනමයි..

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම තම වෙළඳ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන වසරේ ඉහළම සම්මානයවන ‘ප්‍රධාන විධායක සම්මානය’ කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතාගේ ප්‍රධානත්වයෙන් 6වනවරටත් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී (Waters Edge) පසුගියදා පිරි නැමුණි.

කැළණි කේබල්ස් ප්‍රධාන විධායක නිලධාරී සම්මානයෙන් ‘වසරේ විශිෂ්ටතම කලාපීය වෙළෙඳ කළමනාකරු’ ලෙසින් රොෂාන් ද සිල්වා මහතා හා ‘වසරේ විශිෂ්ටතම වෙළෙඳ විධායක නිලධාරී’ ලෙසින් ශානක අතුකෝරළ මහතා පිදුම් ලැබූහ. ‘වසරේ විශිෂ්ටතම වෙළෙඳ විධායක නිලධාරී’ සම්මානය සඳහා සුදුස්සන් තේරීමේදී එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් නලීන් සමන්තිලක හා චින්තක රාජපක්ෂ යන මහත්වරු දිනාගත්හ. එම අලෙවි විශිෂ්ටයන් දෙදෙනාටම කැලණි කේබල්ස් සමාගම විසින් මුදල් ත්‍යාග හා විදෙස් සංචාර පිරිනැමුණේ 2017/2018 වසර සඳහා සැලසුම් කළ වෙළෙඳ ඉලක්ක ඉක්මවා යමින් වාර්තාගත අලෙවියක් සමාගමට එක්කිරීම වෙනුවෙන් සිය කෘතඥතාව පළකිරීමක් ලෙසිනි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් කැළණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘හදවත් 484ක් එක හදගැස්මක්’ යන තේමාවෙන් ව්‍යාපාරකරණයෙහි යෙඳෙන අප සමාගමේ ජීවය වන්නේ දැඩි කැපවීමකින් යුත් අපේ කාර්ය මණ්ඩලයයි. එහෙයින් වසරින් වසර සාර්ථකත්වයට පත්වන කැලණි කේබල්ස් සමාගම එම සාර්ථකත්වයට උරදුන් සේවකයන් ඇඟයීම වගකීමක් හා යුතුකමක් සේ දකිනවා. එම නිසා කැළණි කේබල්ස් සමාගම සමාගමේ වෙළඳ ජයග්‍රහණය වෙනුවෙන් අසමසම කාර්යයක් ඉටු කළ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට සුවිශේෂී ‘ප්‍රධාන විධායක සම්මානය’ වාර්ෂිකව පිරිනමනවා. විශේෂයෙන්ම අප සමාගම 50වන සංවත්සරය සමරණ මෙම වසරේදී එම සම්මාන හිමි කරගත් රොෂාන් ද සිල්වා හා ශානක අතුකෝරළ යන මහත්වරුන්ට මෙම සම්මානයන් සදානුස්මරණීය වනු ඇතැයි මා සිතනවා. එමෙන්ම අප සමාගමේ වෙළඳ ඉලක්කයන් පවා ඉක්මවා යන්නට සමත් වූවන් ලෙස සමස්ත සමාගම වෙනුවෙන්ම මම ඔවුන්ට ශුභ පතනවා.’ යන්නය.

100%ක්ම දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 50වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 9001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO 14001  පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016 හා 2017 SLIM Brand Excellence හි B2B අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B අංශයේ රිදී සම්මානය, සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය, 2016 සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය, 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගනු ලැබීය. තවද 2016 National HR Excellence රීදී සම්මානය හා 2015 හා 2016 වසරවලදී ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල - 2016 දී (Presidential Environmental Awards) විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානයෙන් පිදුම් ලද කැලණි කේබල්ස් සමාගම, 2016දී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත් විය. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014, ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගත් අතර 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිඟු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්ත්ව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප්‍රතිඥාදෙමින් National Green Reporting System ක්‍රමවේදයට අනුගත ශ්‍රී ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com