ස්වදේශී කොහොඹ ශාකසාර සබන් වෙතින් ප්‍රජා සත්කාර වැඩසටහන්..

ශී‍්‍ර ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමවන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය නිපදවන ශී‍්‍ර ලංකාවේ අංක එකේ ශාකසාර සබන් නිෂ්පාදනයවන ‘ස්වදේශී කොහොඹ ශාකසාර සබන්’ තවත් අනගි සමාජ සත්කාරයක නියැළෙමින් දිවයින පුරා ග‍්‍රාමීය ප‍්‍රජාවට ජල ටැංකි හා යහපත් සාරධර්ම පිළිබඳ ග‍්‍රන්ථ පාසල්වලට පරිත්‍යාගකිරීම පසුගියදා සිදු කෙරුණි. මෙය ‘ස්වදේශී කොහොඹ ශාකසාර සබන්’ සන්නාමය යටතේ සිදු කෙරෙන සමාජ සත්කාර ව්‍යාපෘතියකි.

‘ස්වදේශී කොහොඹ ශාකසාර සබන්’ සන්නාමය දියත් කළ මෙම සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වදේශී සමාගමේ ප‍්‍රකාශිකාවක පැවසුවේ, ‘සියයට සියයක්ම දේශීය සමාගමක් ලෙසින් නිරෝගී තරුණ පරපුරක් බිහිකිරීමෙහිලා ශී‍්‍ර ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ප‍්‍රජාවට උපකාරකිරීම අප සමාගමේ වගකීමක් සේ සලකනු ලබන බවය. මන්ද ශී‍්‍ර ලංකාවේ ශුෂ්ක කලාපවල පිහිටි පාසල්වලට පිරිසිදු පානීය ජලය සපයාගැනීම පවා ඉතා දුෂ්කර වූවකි. විශේෂයෙන්ම වසරේ වඩාත් වියළි කාලගුණයක් පවතින කාලවලදී දවස පුරා ප‍්‍රමාණවත් ජල පාරිභෝජනයක් නොමැතිකමින් එම ප‍්‍රදේශවල දරුවන්ට සෞඛ්‍ය ගැටළු පවා ඇතිවනු ඇත. එමෙන්ම පවතින වියළි කාලගුණික තත්ත්වය මත එම ප‍්‍රදේශවල ජනතාව දැඩි අසීරුතාවලට මුහුණදීමට හා කටුක ජීවිතයක් ගෙවීමට පවා සිදුවන හෙයින් ස්වදේශී සමාගම ලෙසින් අප එයට විසඳුම් ලබාදිය හැකි අපේම සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කළා සේම එය ඉදිරි වසරවලත් අඛණ්ඩව අප කි‍්‍රයාත්මක කරනු ඇත.’ යන්නය.

මෙම ‘ස්වදේශී කොහොඹ ප‍්‍රජා සත්කාරය’ සමාජ සත්කාරක වැඩසටහනේ පළමු අදියරේදී සිසු දරුවන් හා ගුරුවරුන් සිය ගණනකට පිරිසිදු පානීය ජලය සපයනු ලැබීය.

‘එමෙන්ම මෙරට පාසල් දරුවන් වෙනුවෙන් යහපත් සාරධර්ම හා හොඳ පුරුදු සම්බන්ධයෙන් විස්තර කෙරෙන ග‍්‍රන්ථයක්ද අප සමාගම විසින් මුද්‍රණය කරනු ලැබුවා. මන්ද මෙය යහපත් සාරධර්ම හා පුරුදු මෙරට තුළ වර්ධනය කළ යුතු කාලයක්.’ ස්වදේශී සමාගමේ ප‍්‍රකාශිකාවක තවදුරටත් පැවසුවාය.

එමෙන්ම ස්වදේශී සමාගම තම ‘ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය’ වැඩසටහන යටතේ දිවයිනේ ප‍්‍රකට විහාරස්ථාන රැසක් ඒවායේ වාර්ෂික උත්සව සමයෙහි ආලෝකමත් කරනු ඇත.

ස්වදේශී සමාගමේ ප‍්‍රකාශිකාව තවදුරටත් පැවසුවේ, එම වාර්ෂික ආලෝක පූජා සත්කාරයන් තුළින් අප උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික හා සම්ප‍්‍රදායික උරුමයන් රැකගැනීමට දායකත්වය සැපයීම සියයට සියයක්ම ශී‍්‍ර ලාංකික සමාගමක් වන ස්වදේශී සමාගමේ වගකීමක් ලෙසින් සළකන බවය. එමෙන්ම තම සමාගම විසින් මෙලෙස මෙවැනි පූජනීය ස්ථාන ආලෝකමත් කිරීමේ තවත් එක් හේතුවක් වන්නේ මෙම වැදගත් පූජනීය ස්ථාන වැඳපුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ට තම කාර්යයන් වඩාත් පහසු කරගැනීමට හා දේශීය උරුමයන් රැුකගැනීමේ වැදගත්කම මතු පරපුරට වටහාදීමට බවය.

ස්වදේශී සමාගම, කතරගම කිරි වෙහෙර, රුහුණු කතරගම මහ දේවාලය, දෙවුන්දර විෂ්ණු දේවාලය, රත්නපුර මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, දඹදෙණිය රජමහ විහාරය හා කෑරගල රජමහ විහාරය වාර්ෂිකව ආලෝක පූජා සත්කාරයෙන් ආලෝකමත් කෙරේ.

අතිනුතන තාක්ෂණික උපකරණ හා ක‍්‍රමවේද උපයෝගී කරගැනීම හා නූතන පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා විශාල ලෙස ආයෝජනය කිරීම හේතුවෙන් පාරිභෝගිකයන්ට නව්‍ය ශාකසාර නිෂ්පාදනවල අළුත් අත්දැකීම් ලබාදෙන නව්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමට ස්වදේශී සමාගමට හැකිව තිබේ. උසස් තත්වයේ නිෂ්පාදනයන් බිහිකිරීම වෙනුවෙන් කටයුතු සඳහා කරන පර්යේෂණ සඳහා පූර්ණ පහසුකම්වලින් සපිරි අතිනවීන රසායනාගාරවලින්ද සමන්විත වේ. ස්වදේශී ආයතනය ප‍්‍රමිති කළමණාකරණ ක‍්‍රියාවලිය සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති සහතික ආයතනය විසින් ලබාදෙන ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව කළමණාකරණ සහතිකයෙන්ද පිදුම් ලැබ සිටී.

දශක අටක් පුරා සබන් නිෂ්පාදන ක්ෂේත‍්‍රයෙහි ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයෙහි විශේෂඥයා ලෙස තම ස්ථාවරය පවත්වාගැනීමට ස්වදේශී කර්මාන්තායතනය සමත්වීම විශේෂත්වයකි.

‘ස්වදේශී සමාගම ලෙස අප සැමවිටම අපේ සියලූ නිෂ්පාදනවල උසස් ප‍්‍රමිතිය පවත්වාගෙන යනු ලබනවා. විශේෂයෙන්ම ප‍්‍රමිතියෙන් බාළ සබන් නිෂ්පාදන මෙරට වෙළෙඳපොලට පැමිණීමෙන් අපට පමණක් නොව සෙසු නිෂ්පාදකයන්ටත් දැඩි බලපෑමක් සිදු විය හැකියි. දේශීය සම්භවයක් සහිත සමාගමක් ලෙස අප ස්වදේශී සමාගම කොහොඹ, රාණී සඳුන්, කොහොඹ බේබි, අප්සරා, පර්ල්වයිට්, ලක්බාර්, ලේඩි, බ්ලැක් ඊගල් හා ලිට්ල් පි‍්‍රන්සස් වැනි කීර්තිමත් වෙළෙඳනාම රැසක් වසර 78ක් පුරා නිපදවනු ලබනවා. නමුත් වැඩිවන බදු හා අමුද්‍රව්‍ය මිල ඉහළයෑම මත නිෂ්පාදන සමාගම් නොනැසී පවත්වාගෙන යෑම ට දැඩි අරගලයක් කිරීමට සිදුවනවා. දේශීය නිෂ්පාදන සමාගමක ලෙස අප උපයාගත් දේ නැවත මෙරට ප‍්‍රජාවගේ යහපත හා ඔවුන්ගේ ජීවිත නගාසිටුවීමට සැපයීමට අප සැමවිටම සූදානමෙන් සිටිනවා. එහෙයින් මෙරට ප‍්‍රජාවගේ ජීවිත වැඩිදියුණු කරන මෙම සමාජ සත්කාරක වැඩසටහන අඛණ්ඩව අප ඉදිරියට පවත්වාගෙන යනවා.’ ස්වදේශී සමාගමේ ප‍්‍රකාශිකාවක වැඩිදුරටත් පැවසුවාය.

ස්වදේශී සමාගම 1941 සිට ස්වභාවදහමේ විශිෂ්ටතම ශාකසාර මුසුකර සැබෑ ශාකසාර නිෂ්පාදන මෙරට පාරිභෝගිකයන් වෙත පිරිනමන අතර, සියලූ ස්වදේශී නිෂ්පාදන නිපදවීමේදී සතුන් හා සම්බන්ධ පර්යේෂණ සිදු නොකෙරේ. එමෙන්ම කිසිදු ස්වදේශී නිෂ්පාදනයක් සඳහා සත්ත්ව තෙල් අඩංගු නොවේ.  

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com