පීපල්ස් ලීසිං හොරණ ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ‍්‍රයක විවෘත කරයි.

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ හොරණ ශාඛාව, ගණුුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ‍්‍රයක ^171-A, රත්නපුර පාර, හොරණ& එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. හොරණ හා එය අවට ප‍්‍රදේශයේ පසුගිය කාලයේදී ඇතිවූ දියුණුව හා නව ව්‍යාපාරික අවස්ථා බිහිවීමත් සම`ගම එම ශාඛාවේ ගනුදෙනුකරුවන්ගේ ප‍්‍රමාණය ඉහලයෑම මත එම ශාඛාව වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ‍්‍රයකට ගෙවැදීම සිදුවිය.

පීපල්ස් ලීිසිං හොරණ නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක, ප‍්‍රධාන කළමනාකාරිනි ^මෙහෙයුම්&, පි‍්‍රයංකා විමලසේන මහත්මිය හා හොරණ පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, නුවන් තරංග මහතා ඇතුළු ගණුුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ හොරණ නව ශාඛා පරිශ‍්‍රය විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක මහතා පැවසුවේ, ‘හොරණ ප‍්‍රදේශයේ ඇතිවූ සීඝ‍්‍ර දියුණුව සමග නව ව්‍යාපාර හා නව ජීවනරටාවක් බිහිවීම හේතුවෙන් ඉස්මතුවන මූල්‍ය සේවා අවශ්‍යතා මේ වනවිට ඉහළ ගිහිං. තම විවිධාකාර මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් මෙම ප‍්‍රදේශයේ ජනතාව පීපල්ස් ලීිසිං සමාගම කෙරෙහි වැඩි විශ්වාසය තැබීම ඉතා ශුභවාදී ආකල්පයක්. එම පදනම මත හොරණට නව ශාඛා පරිශ‍්‍රයක අවශ්‍යතාවක් අපට වැටහුණා. මෙම හොරණ ශාඛාව නව පරිශ‍්‍රයක විවෘත කෙරුණේ වඩාත් සුවපහසු සේවාවක් මෙම ප‍්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට සැපයීමේ අරමුණෙන්. දැන් හොරණ අවට ජනතාවට අප සමාගමේ ජනහිතකාමී මූල්‍ය පහසුකම් අත්දැකීමට වැඩි අවස්ථාවක් සැලසෙනවා. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉ

 

ටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප‍්‍රකටයි. එහෙයින් ප‍්‍රමාදයකින් තොරව අවශ්‍ය සෑම මූල්‍ය පහසුකමක්ම ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට හොරණ ප‍්‍රදේශයේ ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප‍්‍රාර්ථනා කරනවා’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගත කිරීම සිදු කරනBrand Finance Awards 2018 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.

PLC Horana Branch Relocation Pix 02

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com