Her.lk Her.lk Her.lk

H

 
  • Home
    • Reach us
  • Hot Stories
  • Healthy Life
  • Sex & Relationship
  • Lifestyle
  • Her Beauty
  • Artz
  • Travel Girl
  • Her Rights
  • Business
  • Home
    • Reach us
  • Hot Stories
  • Healthy Life
  • Sex & Relationship
  • Lifestyle
  • Her Beauty
  • Artz
  • Travel Girl
  • Her Rights
  • Business
 
  • Home
    • Reach us
  • Hot Stories
  • Healthy Life
  • Sex & Relationship
  • Lifestyle
  • Her Beauty
  • Artz
  • Travel Girl
  • Her Rights
  • Business

Healthy Life

මොනවද මේ මනෝ ලිංගික අක්‍රමතා කියන්නේ.?

Healthy Life
2018-09-13T08:55:49+05:30

මේ වෙනකොටත් කාලයක් තිස්සේ her.lk කියවන ඔබට ලිංගිකත්වය සහ ඒ හා බැඳුණු කාරණා ගැන බොහොම පුළුල් අවබෝධයක් ඇති. ඒ නිසාම තමයි ඔබ එක්ක මේ මාතෘකාව ගැනත් කතා කරන්න හිතුවේ. ඇත්තටම ඔබ අහලා තියනවද මනෝ ලිංගික අක්‍රමතා ගැන?

සමහර විට මේ නමින් අහලා නැති වුණාට මේ කියන කාරණා ඔබ බොහෝවිට අහන දකින දේවල් වෙන්න පුළුවන්. මනෝ ලිංගික අක්‍රමතා මනෝවිද්‍යාව තුලදි හඳුන්වන්නේ Paraphilic Disorders විදිහටයි. Paraphilia කියලත් අසාමාන්‍ය මනෝවිද්‍යාව තුළ මේවා හඳුන්වනවා. මේ කියන Paraphilic disorders අතීතයේ හඳුන්වලා තියෙන්නේ ලිංගික විපරිවර්තන (Sexual Perversion), ලිංගික අපගමනතා (Sexual deviation) ලෙසයි.

Paraphilia හි ස්වභාවය වනුයේ ඒවා ඇති පුද්ගලයින් සතුව අසාමාන්‍ය මනෝමය සංතුෂ්ඨින් සහිතවීමයි. එසේ මනෝමය සංතුෂ්ඨිය සඳහා ඔවුන් විවිධ අසාමාන්‍ය චර්යා, ද්‍රව්‍ය, වස්තූන් හෝ පුද්ගලයින් භාවිතා කරනවා. DSM-V වාර්තාවට අනුව මෙවන් Paraphilic disorders කිහිපයකි. ඒ එක එකක් පිළිබඳ විස්තරයක් පහතින් දැක්වෙනවා.

මෙම අක්‍රමතා බහුතරයක්ම පුරුෂ පාර්ශවයට ඇති අතර මේ සඳහාම වෙන්වූ ඖෂධීය ප්‍රතිකාර නොමැති බවද අපි තේරුම් ගන්න ඕන. මේ සඳහා හොඳම දේ තමයි උපදේශන සේවාව වෙත යොමු කරවීම. එහිදී හඳුනාගන්නා Anxiety (සාංකා) වැනි තත්ව සඳහා අදාල මනෝ උපදේශකවරයා විසින් වෛද්‍යවරයෙකු වෙත යොමු කරවීමක් සිදුකරනු ලබනවා. සමහර අවස්ථාවලදී කාන්තාවන් සිය ස්වාමිපුරුෂයාගේ මෙවන් අසාමාන්‍ය චර්යා නිසා සිය ජීවිත කාලය පුරාවට නිහඬවම දුක්විඳිනු දක්නට පුළුවන්. එහෙම වෙන්නේ හුදෙක් නොදැනුවත්භාවය නිසයි. මේ සම්බන්ධව දැනුවත්වීම සියලු දෙනාටම ඉතා හොඳ දෙයක්.

දර්ශනාශ්වාද අක්‍රමතාව හෙවත් දර්ශනභාවය (Voyeuristic disorder)

මෙම අක්‍රමතාව සිත පුද්ගලයන් සිය ලිංගික ආශ්වාදය ලබාගනුයේ වෙනත් අය ඇඳුම් මාරුකරන, නිරුවත්ව සිටින සහ ලිංගික ක්‍රියාකාරකම් වල නිරතවන චර්යා සිතාමාතාම හොරෙන් බලමින්. මොවුන් බොහෝ දුරට වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් වෙනවා. නාන තොටුපලවල් අසල, අනාරක්ෂිත හෝටල් කාමර අසල මොවුන් ඉතා බහුලයි.

ප්‍රදර්ශනකාම අක්‍රමතාව (Exhibitionistic disorder)

මොවුන් සිය ලිංගික සංතෘෂ්ටිය ලබන්නේ සිය ලිංගේන්ද්‍රය වෙනත් නොදන්නා අයෙක්ට හෝ කණ්ඩායමකට නිරාවරණය කිරීම මගින්. බොහෝ දුරට බස් නැවතුම්, මුහුදු වෙරළේ, පාසල් ආශ්‍රිතව, පාලු පාරවල් අසල මොවුන් සිටින අතරම ලිංගේන්ද්‍රය නිරාවරණය කිරීම නිසා ලිංගික පිබිදීමක් ඇතිවෙන්න පුළුවන්. එම අවස්ථාව අතරතුර හෝ පසුව ස්වයං වින්දනයේ යෙදීමෙන් මොවුන් සුරතාන්තයට පත්වෙනවා.

මාර්ජනකාම අක්‍රමතාව (Frotteuristic disorder)

මොවුන් වැඩිපුරම පොදු ප්‍රවාහන සේවාවන් තුළ දක්නට ලැබෙනවා. මොවුන් සිය ලිංගේන්ද්‍රය සම්පූර්ණයෙන්ම ඇඳුම් ඇද සිටින කාන්තාවන්ගේ පිටුපස ප්‍රදේශය හෝ වෙනත් ස්ථානයක ස්පර්ශ කිරීමෙන් සුරතාන්තයට පත්වෙනවා.

ස්වපීඩක කාමුකත්වය (Sexual masochism disorder)

මෙහිදී මොවුන් තමන් විසින්ම හෝ අනෙකකු ලබා තමන්ට ශාරීරික පීඩා කරගැනීමෙන් ලිංගික තෘප්තියක් ලබාගනී. මෙය ඉතා භයානක තත්වයක් වන අතර එම තුවාල නිසා පුද්ගලයන් මරණයට පවා පත්වුණු අවස්ථා තිබෙනවා. මෙහිදී හවුල් කරවාගන්නා පුද්ගලයා වඩාත් මානසික පසුබෑමකට ලක්වන බවත් කිව යුතුයි.

පරපීඩක අක්‍රමතාව (Sexual Sadism disorder)

මේ ගැන වෙනමම ලිපියක් her.lk වෙතින් කලින් පලකරපු නිසා ඇතැම් අය මේ ගැන කියවලත් ඇති. තම සහකරු හෝ සහකාරියට, වෙනත් අයෙක්ට කායික හා මානසික පීඩා කරමින් සතුටුවීම මෙම අක්‍රමතාවේ ලක්ෂණයයි. මේ නිසා මරණය පවා අත්වන අවස්ථා බහුලයි.

කෞමාර කාම අක්‍රමතාව (Pedophilic disorder)

මොවුන් මල්වරවියට පත්නොවූ වයස අවුරුදු 13න් පහළ දරුවකු හෝ දරුවන්ව යොදාගෙන ලිංගික සබඳතා ඇතිකරගනී. මොවුන් බොහෝ විට වයස 16 පමණ වන පුද්ගලයන් වන අතර බොහෝ විට මුඛ සංසර්ගයත්, ඇතැම් විට යෝනි හෝ ගුද සංසර්ගයත් සිදුකරන පුද්ගලයින් වේ. කුඩා දරුවන් බොහෝ විට මෙවන් පීඩාකාරී තත්ව වලට අසුවන අවස්ථා විශේෂයෙන්ම පාසල් අසල, නෑදැයන් මාර්ගයෙන්, අසල්වැසියන් මාර්ගයෙන් සිදුවන බව මෙහිදී කිව යුතුයි. ඒ නිසා කුඩා දරුවන්ට සිය පෞද්ගලික ආරක්ෂාව සලසා ගන්න ආකාරය හුරුකරවන එක ඉතා වැදගත්.

අර්චනකාම අක්‍රමතාව (Fetishistic disorder)

මෙය පූජාලාංජන භක්තිය ලෙසද හඳුන්වනවා. කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කර ඒවා ළඟ තබාගෙන අතපත ගෑම, සිපගැනීම මගින් මෙවන් පුද්ගලයන් ලිංගික උත්තේජනය ලබාගනී.

පාරවේශනත්ව අක්‍රමතාව

විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳ ලිංගික වශයෙන් සතුටුවී ස්වයං වින්දනය තුලින් සුරතාන්තයට පත්වේ. වසර ගණනක් පුරා මෙම තත්වය පැවතීමෙන් ඇතැම් පුරුෂයින් ජීවිත කාලය පුරා ස්ථිරවම කාන්තා ඇඳුම් ඇඳගෙන ජිවත්වීමට හුරුවේ.

මෙම තත්වයන් අවම වශයෙන් මාස 6ක් නොකඩවා තිබෙනවා නම් එය අක්‍රමතාවයක් බවට පත්වෙන්න පුළුවන්. තවද මෙම තත්වයන් ගෙන් 95% ක් පමණම පුරුෂයන්ට ආවේණික තත්වයන් විදිහට දකින්න පුළුවන්.

ඒ වගේම දුරකථන මගින් අසභ්‍ය දෑ කථා කිරීම තුළ එම කථාව අතරතුර හෝ කතාව නතර කිරීමෙන් පසු ස්වයං වින්දනය කර සුරතාන්තයට පත්වීම Telephone scatologia ලෙස හඳුන්වනවා. වර්තමානයේ සමාජ ජාලා තුලින් අසභ්‍ය පණිවිඩ, ඡායාරූප ආදිය එවන්නේත් මෙවැනි පුද්ගලයන්ය

මෘතදේහ කාමුකත්වය හෙවත් necrophilia තත්වයේදී මිය ගිය කාන්තා සිරුරු සමග ලිංගික සංසර්ගයේ යෙදී සතුටට පත්වේ. තවත් පුද්ගලයන් සත්ව කාමුකත්වය අක්‍රමතාව හෙවත් zoophilia සහිත වේ. මොවුන් සතුන් සමග ලිංගික සබඳතා පවත්වන අතර මෙය කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු තත්වයකි.

මලපහ කිරීමේ අක්‍රමතාව coprophilia සහ මුත්‍රා කිරීමේ අක්‍රමතාවද කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශවයේම දකින්න ලැබෙනවා. ඔවුන්ගේ ස්වභාවය වනුයේ තම සහකරුගේ හෝ සහකාරිය ලබා තම ශරීරය මත මළපහ හෝ මුත්‍රා පහකර ගැනීම හෝ ඔවුන්ගේ ශරීරය මතට තමන් විසින් මළ හෝ මුත්‍රා පිට කිරීමය

මෙවැනි තත්වයන් වෙනුවෙන් කළ හැකි හොඳම දේ මෙය හඳුනාගත් සැනින් පමා නොකර වෘත්තීයමය උපදේශකවරයෙක් වෙත හෝ මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමයි. එහෙම නැතිව මෙයට වෙන වෙන අර්ථකථන දෙන එක හරි සාධාරණීකරණය කරන එක වගේම ඉවසගෙන ඉන්න එකෙනුත් වෙන හානිය ඔබට විතරක් නෙවෙයි, සමාජයටත් එක්කමයි.

maneka caption copy

 

 

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

  • Prev
  • Next
  • Facebook
  • Twitter
  • Google+
  • Linkedin

Latest News

කාන්තාවන් ගැන පිරිමි දැනගත යුතුම දේවල් ලයිස්තුවක්

ආදරවන්තයින්ගේ දිනයේ ඔබට දෙන්න පුළුවන් හොඳම තෑග්ග මොකක්ද?

Remix ගැන ලතා මංගේෂ්කාර් කණගාටුවෙන්

මාකඳුරේ මධුෂ්ලා හැදුවේ කව්ද?

ලස්සන ඇහි බැමිවලට ස්වාභාවික රහසක්..

කුඩා දරුවන් ඔබේ ලිංගික ජීවිතය ගැන ඔත්තු බලනවද? එහෙනම් පරිස්සමින්!

අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 05 කොටස

මාදු ගඟේ බෝට්ටුවෙන් සෆාරියක්..

සදර්න් ස්මාර්ට් සමාගම නව වෙබ් අඩවියක් දියත් කරයි.

Periods දවස්වලට තරහා යනවද?

බලහත්කාරී විවාහයට එරෙහිව සෞදියෙන් පැනගිය තරුණිය..

බුරියට හැදෙන ලෙඩ ගැන දන්නවද?

Popular News

  • අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
  • ලිංගිකව එක්විය යුතු නැති අවස්ථාවන් ගැන ඔබ දන්නවද?
  • ඇඟිල්ල ගැහුවොත් භයානකයි...!!
  • රතියෙහි සතුට වඩන ස්ත්‍රී දෙපා..
  • ඔබේ Nipples ගැන දැනගත යුතුම කරුණු රැසක්.
  • ඔබේ ලිංගික රුචිකත්වය අඩුවෙමින් යනවාද? මෙන්න හේතුව
  • Oral Sex පිළිකාවලට හේතුවක් ද?
  • අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 03 කොටස
  • ඔසප් සමයේ අපිරිසිදුකම ඔබව ලෙඩ කරාවි
  • සිරි යහනේ - නෑ සහනේ [අවසන් කොටස]

Walky-Talky    Health Life    Sex & Relationship    Lifestyle    Her Beauty    Fashion    Travel Girl    Her Rights    Her Choice


© 2018 Her.lk All Rights Reserved.

Joomla Template by ThemeXpert