කවදාවත් වැඩකරන්න වෙන්නේ නැති Job එකක් ඕනද?

ලෝකේ ශ්‍රම බලාකායේ රැකියාවල නිරත වෙන අය අතරින් යම්කිසි ප්‍රතිශතයක් ඉන්නේ තමන්ගේ රස්සාව ගැන එච්චර පැහැදීමකින් නෙවෙයි. බොහේ වෙලාවට මේ අපැහැදීමට හේතු වෙන්නේ රස්සාවේ තියන අධික වැඩ කන්දරාව..මේසේ උඩ තියන ෆයිල් ගොඩ දැක්කම වැඩකරන්න එපා වෙන එක, එහෙමත් නැත්නම් කියවලා උත්තර යවන්න තියන email ප්‍රමාණය දැක්කම. ඒත් ඔබ දැනගන්න කැමතිද කවදාවත් වැඩකරන්න වෙන්නේ නැති Job එකක් ගැන.

ඔබේ විනෝදාංශය මොකක්ද?

සමහරවිට ඔබ කියාවි Photography කියලා, තවත් සමහරු කියාවි Travelling කියලා, තවත් සමහර අය කියයි Reading කියලා. එකිනෙකාගේ විනෝදාංශ එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඔබ බලනවා ඇති වැඩකරන්න වෙන්නේ නැති රස්සාවයි මේ විනෝදාංශයි අතර ඇති සම්බන්ධතාවය මොකක්ද කියලා.

විනෝදාංශය රස්සාව කරගමු

විනෝදාංශය රස්සාව කරගන්න එක ඒතරම් ලේසි නෑ. එකක් තමයි අපේ විනෝදාංශයට හරියන රස්සා හොයන්න අමාරු එක, එහෙමත් නැත්නම් ඒ රස්සාවල ප්‍රතිලාභය අපිට මදි එක. උදාහරණයක් විදිහට Photography විනෝදාංශය වශයෙන් කරන කෙනෙක් මැනේජර් කෙනෙක් හරි නිවේදකයෙක් වෙන්න හරි උත්සහ කරන්නේ නැතිව Photography සම්බන්ධ රස්සාවක් හොයාගත්තොත්, ඒ කියන්නේ එක්කෝ ස්ටූඩියෝ එකක ඡායාරූප ශිල්පියෙක්, නැත්නම් සඟරාවක,පත්තරේක, වෙබ් අඩවියක ඡායාරූප වාර්තාකරුවෙක් වෙන එක. ඒ කිසිම දේකට ඉඩක් නැත්නම් ස්වාභාවික පරිසරය ගැන මිනිස්සු ගැන ලස්සන පින්තූර එකතුවක් කරලා ඒවා අලෙවි කරන්න පුළුවන් ව්‍යවසායකයෙක් වුනොත්.

ඉතින් ඊට පස්සේ?

ප්‍රධානම කාරණේ තමයි ඔබට ඔබේ විනෝදාංශය අනුව රස්සාවක් හොයාගන්න පුළුවන් වුනොත් එතනින් එහාට කවදාවත් ඔබට වැඩකරන්න වෙන්නේ නෑ..ඇයි මම එහෙම කියන්නේ..ටිකක් හිතලා බලන්න. ඔබ එතකොට රස්සාව කියලා කරන්නෙ විනෝදාංශයමනේ. ඔබ රස්සාවක් කරත් නොකරත් ඔබේ විනෝදාංශය ආසාවෙන් කරනවා. අපි හිතමු අර කලින් කියපු පුද්ගලයා ආසාවට ඡායාරූප ගන්නවා, ඒක ඒ පුද්ගලයාගේ විනෝදාංශය වෙන්න පුළුවන්, ඊට පස්සේ මැගසින් එකක ඡායාරූප වාර්තාකරුවෙක් විදිහට රස්සාව බාරගත්තට පස්සෙත් කරන්නේ විනෝදාංශයට කරපු දේම තමයිනේ. ඒ කියන්නේ එයාට වැඩකරන්න වෙන්නේ නෑ, ඒ වෙනුවට කරන්නෙ තමන් වැඩිපුරම ආස දේ. ඒ විතරක්ද විනෝදාංශය කරනවට පඩියකුත් ගෙවනවා. කව්ද ඒකට අකමැති.

කාලයක් යද්දි එපා වෙයිද?

ඕනම ආසකරන දෙයක් සමහරවිට කාලය එක්ක එපා වෙන්න පුළුවන්. එහෙම වේගෙන එනකොට කරන්න තියන හොඳම දේ තමයි තමන්ගේ විනෝදාංශය ඇතුලේ විවිධ දේ වෙනස් විදිහට කරන්න උත්සහ කරන එක. එතකොට වෙන්නේ හැමදාම රස්සාව ඇතුලේ අලුත් දේවල් කරන දක්ෂ නිර්මාණ ශිල්පියෙක් බිහිවෙන එක. එහෙම අයට Promotions දෙන්න ආයතන දෙපාරක් හිතන්නේ නෑ.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News