ගත නාඳුනන යට ඇඳුම

මේ ලිපියනම් විශේෂයෙන්ම ලියවෙන්නේ “පිරිමින්ටම පමණයි” ලේබලය යටතේ. ඒත් ඉතින් මේක “වැඩිහිටියන්ට පමණයි” ලිපියක් නෙවෙයි. මොකද ලොකු කුඩා භේදයක් නැති පිරිමි ඔබ දැනගත යුතු කාරණයක් ගැන තමයි අපි කතාකරන්නේ.

ගොඩක් වෙලාවට අපි උඩ ඇඳුම් ගැන සැළකිලි මත් වුනාට යට ඇඳුම් ගැන සැළකිලිමත් වෙනවා අඩුයි. මොකද අපි පොඩිකාලේ ඉඳලම හිතන්නේ පොත්ත හොඳට තිබුණම ඇති ඇතුලට පණුවෝ ගැහුවත් කියලනේ. හැබැයි ඉතින් ඇඳුම් පැලඳුම් ගැන විතරක් නෙවෙයි කිසිම දෙයක් ගැන එහෙම හිතලා හරියන්නේ නෑ පුතෝ. ඒ නිසා යට ඇඳුම් ගැනත් විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. හරි අද අපි කියලා දෙන්න යන්නෙ යට ඇඳුම් ගැන පිරිමි ඔබ දැන සිටිය යුතුදෑ පිළිබඳවයි.

මූලිකවම යට ඇඳුමක් ඇඟට ඉතාමත් පහසු වෙන්න ඕන. ඒ වගේම තමුන් නියැලෙන ඕනෑම කාර්යකට උදව්වක් වගේම කරදරයක් නොවෙන්නත් ඕන. යට ඇඳුමක් තෝරාගැනීමේදී එහි ප්‍රමාණය දැන සිටීමත් වැදගත්. අවශ්‍ය ප්‍රමාණයට වඩා කුඩා යට ඇඳුම් ශරීරයට අපහසුයි වගේම ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමට අනවශ්‍ය ලෙස දහඩිය දැමීම, දහඩිය නිසා ඉකිලි ප්‍රදේශයේ විශබීජ ඇතිවීම, ඉලාස්ටික එක හිරවීම නිසා සම තුවාලවීම වැනි ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නත් වෙනවා.

ඒ වගේම වැරදි යට ඇඳුම් භාවිතය නිසා වෘෂණ කෝෂවල ප්‍රශ්න වගේම නොයෙකුත් ආසාදන රෝග ඇති වෙන්න පුළුවන්.

ඇයි අපි යට ඇඳුම් අඳින්නේ.

1.)දහඩිය සහ ලිංගික ස්‍රාවයන් උරාගෙන ලිංගික ප්‍රදේශ පිරිසිඳුවත්,වියලිවත් තබා ගැනීමට.

2.)ශිෂ්ණය ප්‍රාණවත් වීම් බාහිරට නොපෙනෙන ලෙස පාලනය කිරීම.

3.)වෘෂණ කෝෂ වලට අවශ්‍ය අධාරකයක් (support) ලබා දීම.

4.)Trouser Zip මගින් ලිංගික අවයව වලට සිදුවන අනතුරු හා ක්‍රීඩා කිරීමේදී ලිංගික අවයව වලට සිදුවන අනතුරු අවම කිරීමට උපකාරී වීම.

5.)සමහර විට නාන ඇඳුමක් ලෙස හා සමහර විට arousing, erotic garment ලෙස භාවිතා කිරීමට.

 

ශීත බටහිර රටවල භාවිතා කරන සමහර යට ඇඳුම් වර්ග ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලට සුදුසු නැහැ කියලයි වෛද්‍යවරු පවසන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය උශ්නාධික රටක්. ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය වගේම ආර්ද්‍රතාවයත් වැඩි නිසා මෙහි වෘෂණ වලට බලපාන උෂ්ණත්වය වගේම දහඩිය දැමීමත් වැඩියි.

ඕනෑම ඇඳුමක් තෝරා ගැනීමේදී රටේ දේශගුණික තත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම යට ඇඳුම් තෝරා ගැනීමේදී දේශගුණ තත්වය සම්බන්දයෙන් වඩාත් සැලකිලිමත් විය යුතුයි.

අද වන විට වෙළඳ පොලේ යට ඇඳුම් වර්ග සහ මාදිළි රාශියක් දැකිය හැකියි. නමුත් සුදුසු වර්ග පමණක් භාවිතා කිරීමට අප බුද්ධිමත් විය යුතුයි. ඊලඟ ලිපියෙන් අපි යට ඇඳුම් වර්ග සම්බන්දයෙන් කතා කරමු.

 

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News