“පිට නැති“ ඇඳුමට ගැලපෙන Backless Bra

අද වෙනකොට ලෝකයේ ඕනම රටක design කරන ඇඳුමක් පැය කීපයක් ඇතුලත ලංකාවේ market එකට එන තරමට අපේ fashion world එක ඉතාම වේගයෙන් අලුත් වෙනවා. මෑත කාලීනව වැඩිම ඉල්ලුමක් ඇති ඇඳුම් අතරේ “පිට නැති“ එහෙමත් නැතිනම් පසුපස පෙදෙස විවෘත ඇඳුම් විශේෂයි.

විශේෂයෙන්ම උත්සහ අවස්ථා වෙනුවෙන් design කරපු කාන්තා ඇඳුම් වර්ග ගණනාවක්ම පිටුපස පෙදෙස විවෘතව නිර්මාණය කරලා තිබෙනවා. ගවුම්, blouses විතරක් නෙවෙයි ටී ෂර්ට්ස් පවා අද පිටුපස පෙදෙස විවෘතව කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කරලා තිබෙනවා. ලංකාව ඇතුලෙත් ඒ වගේ ඇඳුම්වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.

ඇත්තටම කාන්තාවකගේ සිරුරේ පිටුපස කොටස ලස්සන හැඩයක් සහිතව පැහැපත්ව තියෙද්දි මේ වගේ ඇඳුම් අඳිනවනම් ඇත්තටම බොහොම ලස්සනයි. එහෙම නැති අයටනම් ටිකක් විතර ප්‍රශ්නයක් තියනවා. ඒ වගේම මේ backless ඇඳුම් අඳින කාන්තාවන් බොහොමයකට තියන ප්‍රශ්නයක් තමයි මේවාට හරියන විදිහේ bra නොමැතිකම.

clovia picture backless multiway cotton bra in red 58046

සමහර කාන්තාවන් bra cups විසඳුමක් විදිහට පාවිච්චි කරත් ටිකක් විශාල හෝ පහතට ටිකක් විතර නැමුණු, එහෙමත් නැතිනම් ටිකක් විතර උල්හැඩයේ පියයුරු සහිත කාන්තාවන්ට මේ Bra cups පාවිච්චි කරන එක ටිකක් විතර අපහසුයි. ඒ නිසාම මේ ඇඳුම්වලට ගැලපෙන Bra එකක් විදිහට අද backless bra වෙළඳපොලට පැමිණ තිබෙනවා.

Bra එකේ පිටිපස පටිය විනිවිද පෙනෙන් ආකාරයට සහ අනෙකුත් පටිත් ඒ ආකාරයෙන්ම ඇඳුමේ හැඩයට කිසිම බාධාවක් නැති විදිහට නිර්මාණය කරලා තියන එක තමයි මේ backless bra එකේ තියන විශේෂය. ඒ නිසා Backless dress එකකට හොඳම Bra එක විදිහට මේ නිෂ්පාදනය නම්කලාට ගැටළුවක් නෑ.

ඒ වගේම ඇඳුමට නොගැලපෙන හෝ අපහසු bra ඇඳගෙන සොඳුරු අවස්ථාවලට ගිහින් අපහසුවෙන් ඉන්නවට වඩා මේ විදිහට අලුතින්ම වෙළඳපලට ආපු  bra designs පරික්ෂා කරලා මිලට ගන්න පුළුවන්නම් ඔබට ඔබේ backless dress එකේ ලස්සන වගේම ඔබේ පහසුව ගැනත් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News