අම්මලාගේ විභාගයට පෙර...!!!

බලහත්කාරයෙන් විභාග භීතිකාවෙන් වර්ධනය කිරීමෙන් දරුවන් මානසික පීඩනයට ලක් වී විභාග අසමත් වෙනවා මෙන්ම අධ්‍යාපනය ද කඩාකප්පල්කාරී තත්වයට පත්වේ. පහේ ශිෂ්‍යත්වය වනු ජීවිතයේ කඩඉම් විභාග වන්නේ නැත. 

එය හුදෙක් ජාතික පාසලකට දරුවා තෝරා ගැනීම සඳහා සිදුකෙරෙන විභාගයකි. පහේ ශිෂ්‍යත්වය අසමත් දරුවෝ අද වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, ඝණකාධිකාරීවරු වැනි ලෝකයේ විශිෂ්ඨතම වෘත්තියන්හි නියැලෙන්නන් බවට පත් වී ඇත. 

එබැවින් පහේ ශිෂ්‍යත්වය අසමත් වුවහොත් දරුවාගේ ඉගෙනීම් එතැනින්ම කඩාකප්පල් වේ යැයි සිතන අනුවන සිතුවිලි සමග අනෙක් දරුවා පරදවා තමාගේ දරුවා මුල්තැන ගත යුතු යන දැඩි ආත්මාර්ථකාමී සිතුවිලිවලින් බැහැර වුවහොත් ඔබේ දරුවාගේ අනාගතය සුඛිත මුදිත කිරීමට ඔබටද හැකිවනු ඇත.

පහේ ශිෂ්‍යත්ව විභාගය අම්මාවරුන්ගෙන් ඔබ්බට පාසල් අතර තරඟකාරීත්වය අභිබවා යාමට තුඩු දෙන විභාගයක් බවට වර්තමානයේ පත් වී ඇත.

පහේ ශිෂ්‍යත්වයට හොඳම දරුවා බිහි කරන්නේ අපේ පාසලෙනි යැයි මහත් උජාරුවට පැවසීමට පාසලේ අභිමානය හුවා දැක්වීමට, වර්තමානයේ ගුරුවරුන් දරණ උත්සාහය නිසා අසරණ දරුවන්ට පාසල් අතර තරඟයකටද මුහුණ දීමට සිදුවී තිබීම කණගාටුදායක තත්වයකි.

ඇතැම් ගුරුවරුන්ට අවශ්‍යවන්නේ තමා ඉලක්ක කරන සිසුවා ලංකාවෙන්ම පළමුවැනි ස්ථානය දිනා ගන්නවා දකින්නටය. මෙවැනි තත්වයක් උදා කර ගනීමට මේ දරුවාගේ පුංචි මනසට දරා ගැනීමේ ශක්තිය කෙතරම් ප්‍රමාණයක්ද යන්න ගුරුවරුන් පවා නොසිතති.

තීක්ෂණ බුද්ධියක් ඇති දරුවන් මෙන්ම ක්‍රියාකාරකම්වටල තාක්ෂණයට දක්ෂ දරුවන් ද අද බොහෝ සෙයින් වෙසෙති. දරුවාගේ මේ හැකියාව තෝරා බේරා එයට ගැලපෙන අයුරින් දරුවා විවිධ ශාරීරික රෝග මතු කරමින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වීමට වෙර දරති.

හිස කැක්කුම, ක්ලාන්ත ගතිය, බඩේ කැක්කුම, නිදිමත, වමනය, ඇඟපත වේදනාව ආදී නොයෙකුත් කායික රෝග ලක්ෂණ මතු කරමින් තරඟකාරී විභාගවලට භීතියෙන් පසු වෙති. එබැවින් මේ පුංචි මනසට තරඟකාරී ඉලක්ක ගත විභාගවලින් දැඩි මානසික ආතතියක් ඇති නොකිරීමට දෙමව්පියන් වගබලා ගත යුතුය.

ආරෝග්‍යා පුවත්පත ඇසුරෙනි

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com

Latest News