කෝටි ගණනක වාසනාව දැන් ඔබේ Phone එකට

තාක්ෂණය වේගයෙන් ඉස්සරහට යන කාලේ සමහර කාර්යබහුල උදවියට තමන්ගේ වාසනාව උරඟා බලන්නත් වෙලාවක් නැතිවෙලා. ඉස්සර වගේ පාර අයිනට වෙලා ලොතරැයි අලෙවි නියෝජිත මහත්තයෙක් එනකල් බලාගෙන ඉන්න බැරිවෙලා. ඒත් වාසනාවට පස්ස හරවන්න තාක්ෂණය ඔබට ඉඩදෙන්නේ නෑ, තාක්ෂණය විතරක් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලයත් ඔබට ඒකට අලුත්ම වැඩක් හඳුන්වලා දීලා තියනවා.

මේක හඳුන්වන්නේ E-Lottery කියලා. සරලවම කියනවනම් ඔබට දැන් පුළුවන් ඔබ ඉන්න ඕනම තැනක ඉඳන් ඔබේ ජංගම දුරකතනය පාවිච්චි කරලා sms මාර්ගයෙන් හරි නැත්නම් smart phone application එකක් මාර්ගයෙන් හරි ලොතරැයි ගණනාවක් මිළට ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ගන්න අමතකවෙනවනම් ඔබ වෙනුවෙන් දිනපතා ලොතරැයි මිළට ගන්න ජංගම දුරකතනයටම පවරන්නත් දැන් ඔබට පුළුවන්.

මේක බොහොම ආරක්ෂිත වගේම ඉතා සාර්ථක ක්‍රමයක්. ඔබ පාවිච්චි කරන්නේ ඩයලොග් සම්බන්ධතාවයක් නම් පහසුවෙන්ම #811# අමතලා උපදෙස් පිළිපදින්න විතරයි ඔබට තියෙන්නේ. ඔබට මේ NLB e-lottery මාර්ගයෙන් ටිකට්පත් මිළට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි on demand අනිත් එක subscription.

On-Demand යටතේ ඔබට පුළුවන් එක් වරක් පමණක් ලොතරැයියක් මිළට ගන්න. අනිත් ක්‍රමය subscription යටතේ ඔබ යම් කිසි කාලයක් තිස්සේ දිගටම ටිකට් පත් මිළට ගන්න බලාපොරොත්තු වෙනවනම් මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. වැඩිදුර තොරතුරු http://www.811nlb.dialog.lk වෙබ් අඩවිය හරහා දැනගන්න පුළුවන්.

මේක බොහොම පහසු ක්‍රමයක්. ජයග්‍රාහී අංක වගේම ඔබට හිමි ජයග්‍රහණත් sms මාර්ගයෙන්ම ඔබට දැනුම් දෙන නිසා ටී.වී එක දිහා බලාගෙන ඉන්න, ලොතරැයි කූඩු ගානේ ගිහින් අංක පරික්ෂා කරලා බලන්න මහන්සි වෙන්න දෙයක් නෑ. ඒ වගේම ඉදිරියේදී ඔබ ජයග්‍රහණය කරන මුදල් ඔබේ බැංකු ගිණුමට බැර කරන්න ක්‍රමවේදයකුත් NLB සූදානම් කරමින් ඉන්නවා.

Admin her.lk
Author: Admin her.lk
editor.her.lk@gmail.com