මාදු ගඟ කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් අතරේ සුප්‍රසිද්ධ ස්ථානයක්. එහි ඇති ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර කලාපය සහ සොඳුරු අත්දැකීම් එක්ක මාඳු ගඟ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ මතකයන් ඉතිරි කරන අපූරු තැනක්.
මාදු ගඟ කියන්නේ දෙස් විදෙස් සංචාරකයන් අතරේ සුප්‍රසිද්ධ ස්ථානයක්. එහි ඇති ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර කලාපය සහ සොඳුරු අත්දැකීම් එක්ක මාඳු ගඟ කියන්නේ ඕනෑම කෙනෙක්ගේ හිතේ මතකයන් ඉතිරි කරන අපූරු තැනක්.
කලින් ලිපියකදි සරෝජනී නගරයේ සාප්පු සවාරිය ගැන කියද්දි පොරොන්දු වුණා පාලිකා බසාර් හෙවත් පාලිකා වෙළඳ කලාපය ගැන කියන්න. මොකද ඉන්දියාවේ නවදිල්ලි පැත්තේ සංචාරයට යන උදවියට තියන බරපතලම ප්රශ්නය සාප්පු සවාරි යන්න නිවැරදි තැනක් හොයාගන්න එක වන නිසා.
මුහුද අයිනේ ඉඳන් කෑම වේලක් ගන්න එක, ගඟක් අද්දර තණ බිමක වාඩිවෙලා කෑම වේලක් ගන්න එක ලංකාව වගේ රටක අපිට සාමාන්‍ය දෙයක්. ඒත් අහසේ ඉඳන් කෑම වේලක් ගන්නවා කිව්වම ඔබ ටිකක් කල්පනා කරාවි මොකක්ද මේ කියලා.
ඉන්දියාවේ අගනුවර නවදිල්ලියේ සංචාරයට යන බොහොමයක් විදේශිකයන් මුහුණදෙන ප්‍රශ්නයක් තමයි සාප්පු සවාරි යන්න පුළුවන් තැන් ගැන නොදන්නාකම. දිල්ලිය කියන්නේ බොහොම ජනාකීර්ණ නගරයක් වගේම බොහොම අපිළිවෙල නගරයක්.
යාපනය නගරයට සේනුද්වන නුවර කොළඹ මහාමාර්ගය දෙපස දසුන් දකින විට සිතෙහි පැල පදියම් වන්නේ ප්‍රශ්නාර්තයකි. ඒ මේ දුෂ්කර ශුෂ්ක පළාත රටක භූ දේශපාලනය කෙරෙහි කෙතරම් වැදගත් කමක් ඉසුළුවේ මන්දැයි යන්නය.
සූකරයින් නම ඇසූ පමණින් අපට සිහිපත් වන්නේ එක් පැත්තකින් ඉපැරණි කතා පුවත්ය, එසේත් නැත්නම් අප නරඹා ඇති කාටූන් ය. නමුත් සූකරයන්ගේ රජ දහනක් වූ නගර පිළිබඳ අප කතාවකින් හෝ අසා නැති බව සහතිකය. ලංකාවේ නම් බොහෝ නගර එසේ ග්‍රහණය කරගෙන ඇත්තේ එක්කෝ ගවයින් නැතිනම් සුනඛයින්ය.
එක්තරා විදිහකින් මෙය සංචාරක සටහනකි, අනික් පැත්තෙන් ලංකාවේ වැනසෙමින් තිබෙන සම්පතක් පිළිබඳ හෙළිදරව්වකි. ඒ නිසාවෙන් ඒ දෙකෙහිම ඇති වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් මේ ලියමන ලියා තැබීම වටී.
හින්දූන්ගේ මූලග්රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය සහ රාවණ නම්වූ එදිරිවාදී චරිතය ගොඩනගා ඇති අතර විවිධ විද්වතුන් මේ රාම සහ රාවණ පුවත විවිධාකාරයෙන් විග්රහ කරති. ඇතමෙක් සඳහන් කරන ආකාරයට රාම සහ රාවණ යනු සජීවී සත්‍ය වෘත්තාන්තයක චරිත නොව එය උපදේශ ග්‍රන්ථයක එන නිමිති දෙකක් පමණක් බවට තර්කයක් ගොඩනගා ඇත.
වසර 1818 දී වෙල්ලස්සේ කැරැල්ලේදී ඉංග්‍රීසීන්ගේ වියරුවට මැදිව දිවි ගලවාගෙන පලා ආ සිංහලයින් නැගෙනහිර මුහුදු තීරයේ කෙළවර පානම එහෙමත් නැතිනම් පානම් පත්තුවේ තම ජීවිකාව අලුතින් ආරම්භ කළහ. නැගෙනහිර මුහුදු තීරයේ අවසන සිංහල ගමක් ගොඩනැගෙන්නේ ඒ අයුරින් ය. දශක ගණනාවක් තිස්සේ සංස්කෘතික වශයෙන් මෙන්ම සමාජයීය වශයෙන්ද ගොඩනැගුණාවූ චූල සංස්කෘතියේ හර සංකල්ප තවමත් පානම තුළ ඇතිබව සාධක සහිතව දැකගත හැකිය.
එදා 1962, මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට ධාරානිපාත වර්ෂා ඇද හැලෙන්නට වුණා. දින ගණනාවක්ම මේ විදිහට ඇද හැලුණු වර්ෂාව නිසා ප්‍රදේශයේ ජනතාව දුක් මහන්සියෙන් හදාගත්තු ගෙවල් දොරවල් දරුමල්ලන්ගේ පාසැල් පොත් එක්කම මහා ගංවතුරේ ගසාගෙන ගියා.
වියට්නාමයට අහසින් යමු කියලා ලියවුණු කලින් ලිපියෙන් ලංකාවේ ඉඳන් වියට්නාමයේ හැනෝයි ගුවන්තෙටුපළට පයතියන තැන දක්වා විස්තර කිව්වා. අද කියන්නේ එතන ඉඳලා ගමන් විස්තරේ තමයි. හරියට අර සැළලිහිණියේ පුර වර්ණාව වගේ වියට්නාමය ගැන කියන්න බොහොමයක් දේවල් තියනවා.
වේලාව සවස 6 පමණ වන්නට ඇත. ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබසිද්දීම අධික මගීන් පිරිසක් රේගු පෝලිම්වල පෙලගැසී සිටින ආකාරය දක්නට ලැබිණි. ඉන්දියාවට පිවිසෙන දෙස්,විදෙස් සංක්‍රමණිකයන්ට තමන්ගේ වීසා හෝ ගමන් බලපත් පරික්ෂාවේදී ඉන්දියානු රේගු නිලධාරීන්ගෙන් ලැබෙන්නේ මිත්‍රශීලී උපකාරනම් නොවේය. රටතුලට එන ඕනෑම කෙනෙක් දෙස ඔවුන් බලන්නේ සැක මුසු ඇසින්ය.
වියට්නාමය කියන්නේ අතීතේ ඉඳන්ම බොහොම ස්වාභාවික සම්පත් පැවති රටක්. මීට දශක කීපයකට කලින් වියට්නාමය ලෝක ප්‍රසිද්ධියට පත්වුණේ ඔවුන් සමාජවාදී මතවාදය පෙරටුකරගෙන ඇමරිකානු හමුදාවන්ට එරෙහිව ලබාගත් ජයග්‍රහණය එක්ක. වියට්නාමය කියන්නේ ඇමරිකානු ආක්‍රමණ ඉතිහාසයේ කළු පැල්ලම විදිහට තමයි හඳුන්වන්නේ.
සුමන සමන් දෙවියන්ද කලක් කුමණ ජාතික වනොද්‍යානය අවට ප්‍රදේශවලට අධිගෘහිතව විසුබවට අතීත කුමණ ගම්මානයේ ජනතාව අතර විශ්වාසයක් පැවතුනි. කතරගම දෙවියන්ගේ පැමිණීමෙන් පසු ‘‘සුමනසමන්’’ දෙවියන් ප්‍රදේශය හැරගිය බවද එම විශ්වාසයන් අතර පවතී. නමුත් ඉන්පසු කතරගම දෙවියන් විශ්වාසව ඇදහීමට කුමණ ජනතාව කටයුතු කර ඇත.
1815 උඩරට ගිවිසුමෙන් ලංකාව ලිඛිතවම සුද්දාට පවරාදීමෙන් පසුව ලංකාවේ පදිංචි වුණු ඉංග්‍රීසීන් ලංකාව තුල එංගලන්තය මැවීමේ උත්සහයක නිරතවිය.ඉංග්‍රීසි ජාතිකයින්ගේ විනෝදාශ අතරින් වඩාත් සිත්ගත්ම විනෝදංශය වූයේ වන සතුන් දඩයම් කිරීමය. ඒ අතරිනුත් වන අලින් දඩයම් කිරීම ඔවුන් වඩාත් ප්‍රිය කලේය.
ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ පුහුණුව ලැබූ ශූර අසරුවන් ඇරිසෝනාවේ කැලෑ අශ්වයින් ඇල්ලූ කථා "කව් බෝයි" චිත්‍රපට හරහා මම දැක තිබුණා. ඒත් අපි ඩෙල්ෆ් දූපතට එහෙමත් නැතිනම් පැරැණි සිංහලගේ විදිහට කියනවනම් නඩෙන්තිව් වලට ගොඩ බැස්සේ මේ හීලෑ නැති කැලෑ අශ්වයින් අල්ලන්නම් නෙමෙයි.
අනුරාධපුරය කියන්නේ පයින් ඇවිදලා ඉවරකරන්න පුළුවන් පළාතක් නෙවෙයි කියලා ඉස්සර ඉඳන් හොඳින්ම දැනගෙන හිටපු නිසා ඒ පොළවට අඩිය තියන හැම මොහොතෙම මොකක්හරි බයිසිකල් කටුවක් හරි හොයාගෙන ඇවිදන එක තමයි වඩාත්ම හොඳ.
දඩ දඩස් සද්දය සහ කුචු කුචු හඬ කෝච්චියකට කොතරම් අනන්‍ය වුනත් කොළඹ සිට යාපනය ඉක්මවා කන්කසන්තුරේ හෙවත් KKS දක්වා දිවෙන අලූත් යාල් දේවියට ඒ ශබ්දය එතරම්ම හුරු නැතිබව දැනුනේ චීනයේ සිට මෙරටට පැමිණ,නළලේ තිලකයක් තබාගෙන ලංකාවේ යකඩ පීලි මත දිවයද්දී යාල් දේවිට මීට දශක කිහිපයකට නිහඬවූ හඬ අමතකවූ පරිද්දෙන්ය.
අපේ අරමුණ වුනේ කුඩා කාලයේ අපි අසා තිබුණ වගේම අපේ මතකයේ කොතනක හෝ හොඳින් රැඳී ඇති ස්ථානයක් හොයාගෙන යාම සඳහාය. මෝටර් බයිසිකලය පැයට කිලෝමීටර 50 ක විතර වේගයෙන් ඇහැළියගොඩ නගරය පැත්තේ ඉඳගෙන පරකඩුව පහුකරගෙන කුරුවිට නගරය පැත්තට ගමන් කරමින් තිබුණි.
අරුගම් බොක්ක මතින් රාජපක්ෂලා බලහත්තාරයෙන් උදුරාගත් මිනිසුන්ගේ දහදිය,කඳුළු, ලේ හැළුණු ශාස්ත්රවෙල , රාගම්වෙල පසුකර සහජීවනයේ ගම්මානය පානම බලා අප පිටත් වුණෙමු. අතීතයේ පානම හැදින්වූයේ "පානම් පත්තුව" ලෙසින්ය.